බුද්ධෝත්පාදෝ ධර්ම ග්‍රන්ථ සන්සදය


බුද්ධෝත්පාදෝ ධර්ම ග්‍රන්ථ සන්සදය යටතේ ඇති ප්‍රධාන ශාඛා තුනෙන් එකක් වන මෙත්මල් අරණ සමාජ සේවා පදනම, බුද්ධෝත්පාදෝ ආර්‍යයන් වහන්සේගේ  මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වේ.

බුද්ධෝත්පාදෝ ආර්‍යයන් වහන්සේගේ ධර්ම සාකච්ඡා සඳහා සවන් දීමෙන් බුද්ධෝත්පාදෝ ශ්‍රාවකයන්ට අකාලික සත් ධර්මය අවබෝධ කරගෙන, අභ්‍යන්තර පරිවර්තනයක් ඔස්සේ, තමා තුළින්ම නිවන් මාර්ගය අත් දැක ගැනීමට අවස්ථාව සැකසී ඇත.


සජීවීව ධර්ම දේශනාවලට සහභාගී විය නොහැකි අය සඳහා, බුද්ධෝත්පාදෝ ධර්ම ග්‍රන්ථ සංසදය විද්‍යුත් සහ මුද්‍රිත ආකාර දෙකෙන්ම, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ, ධර්ම පොත් ප්‍රකාශයට පත් කරයි. නිවනට මඟ පෙන්වන සැබෑ ධර්මය සැමට පරිශීලනය කළ හැකි බව සහතික කිරීම සඳහා ඒවා නොමිලේ බෙදා හරිනු ලැබේ.


බුද්ධෝත්පාදෝ ධර්ම ග්‍රන්ථ සංසදයේ මෙහෙවර වන්නේ විවිධ මාධ්‍ය නාලිකා හරහා බුද්ධෝත්පාදෝ ආර්‍යයන් වහන්සේ ලොවට විවර කරන ප්‍රඥාවේ ආලෝකය ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ළඟා වන බව සහතික කිරීම, නිවන් මාර්ගය සොයන සෑම දෙනාවම දිරිමත් කිරීම සහ ප්‍රඥාවෙන්, ආධ්‍යාත්මිකව පෝෂණය කිරීමයි.